ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 12කට රැකියා අහිමි වෙයි…!

July 29, 2023 at 4:56 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකට ද ජීවනෝපාය අහිමි ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, මෙම පිරිසට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේය.

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇතැයි ගාමිණී වලේබොඩ පෙන්වා දුන්නේය.

මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් මහා පරිමාණ හා සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *