ඉතිහාසයේ බිහි වුණ මෝඩම ආණ්ඩුව පාසල් පද්ධතියත් වනසන පනතක් ගෙනැල්ලා…! – කළුතර එකමුතු ගුරුසංගමය…

September 27, 2025 at 5:02 pm | by emanisa.lk

ළමා ආරක්ෂණය සඳහා ගෙන ආ නව පනත අනුව ගුරුවරයෙකු යම් සිසුවෙකුට යම් අවවාදයක් කළහොත් ඔහුට මාස හයක් සිරබත් කෑමට සිදුවනු ඇතැයි කළුතර එකමුතු ගුරු සංගමය පවසයි.

මෙම පනත අත ඉස්සූ පාර්ලිමේන්තුවේ සිටින බොරුකාර හොරු රැලට පාසලට පැමිණ විනය කටයුතු භාර ගන්නා ලෙස ද නීතියෙන් තහනම් කළ විට සිසු විනය හැදීමට ගුරුවරුන් ඉදිරිපත් නොවන බව ද එම සංගමය සඳහන් කරයි.

දැන් පාසලට විදුහල්පති විනයභාර ගුරුවරුන් උවමනා නැති බවත් පාසල මන්ත්‍රීවරුන්ට භාර දී විනය ගැටලු ඔහු හරහා විසඳිය යුතු බවත් එහි නියෝජිතයෝ පවසති. මෙම ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට පාසලේ උදේ රැස්වීමට පාට ඇඳුමින් මාල දමා ගෙන පැමිණෙන සිය දරුවන් ගැන අනාගතයේ සතුටු වීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය ලංකාවේ බිහි වූ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රතිපත්ති හදන මෝඩම ආණ්ඩුව බවත් මෙම පනත ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රධානතම පනත වනු ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති.

කළුතර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *