ඇස්වැසුමෙන් ඇස් වහලා කවදාවත් දුප්පත්කමින් මිදෙන්න බෑ…! – දිලිත් ජයවීර….

June 24, 2025 at 8:12 pm | by emanisa.lk

ඇස් වැසුමින් ඇස් වසා ඇති ජනතාව එම ඝන අන්ධකාරයෙන් මුදා ගැනීමේ වගකීමක් ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජනතාවට සහනාධාර දීමෙන් ලෝකයේ කිසිදු රටක් ගොඩ ඇවිත් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ලොව සියලු ම දියුණු රටවල් සිය ජනතාවට ව්‍යවසායකත්ව මනසක් ලබා දෙමින් ඔවුන් ඉදිරියට ගෙන යන්නේ ඒ නිසා බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ආනමඩුව සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට අද (24) එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *