ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ මාරක රිය අනතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීහු එක්වූහ.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 35ක් පමණ බස් රථය තුළ සිට ඇති අතර බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය නිසා පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද පොලීසිය ප්‍රකාශ කරයි.