කොළඹ කොටුව සහ ඇල්ල අතර දුම්රිය ප්‍රෙව්ශපත් අන්තර්ජාලයට නිකුත් කර තප්පර 42ක් ඇතුළත අලෙවි වී අවසන් වීම සතුටට කාරණයක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ පවසයි.
“මේ ප්‍රෙව්ශපත් ටික තප්පර 42ක් ඇතුළත විකිණී අවසන් වී අපට තප්පර 42කින් මුදල් ලැබෙනවා නම් හොඳ තැනක අපි ඉන්නවා කියලා මම හිතන්නේ. මොකද තප්පර 42කින් අපට ආදායම ලැබෙනවා කියන එක තමයි, මගේ නම් විශ්වාසය.
ජනවාරි 01 වෙනිදා සිට ප්‍රෙව්ශපත් ලබා ගන්නා පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකය සහ ප්‍රෙව්ශපත්‍රය භාවිත කරන අයගේ හැඳුනුම්පත් අංකය පරික්ෂා කරන බව කීවත් එය දැඩිව ක්‍රියාත්මක කළේ නෑ.”
ඔන්ලයින් ප්‍රෙව්ශපත් අන්තර්ජාලයට නිකුත් කළ වහා සංවිධානාත්මක ලෙස රු. 2000 බැගින් මිල දී ගෙන දුම්රියපොළ ආශ්‍රිතව රු.16 000ක් වැනි අධික මිල ගණන් යටතේ නැවත විකිණීමේ ජාවාරම පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.
මේ වන විට කිසිදු දෙස් විදෙස් මගියෙකුට කොළඹ ඇල්ල දුම්රිය ප්‍රෙව්ශපත් මිල දී ගත නොහැකි වී ඇති අතර සියලු දෙනාට අධික මිලක් ගෙවා ජාවාරම්කාරයන්ගෙන් ඒවා මිලට ගැනීමට සිදුව ඇත.