ඇමැති සබ්‍රී සමග පුතාත් UN සමුළුවට…!

September 24, 2023 at 9:59 am | by emanisa.lk

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රිගේ පුතා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත කණ්ඩායමට ඇතුළත් කර ගෙන තිබේ.

මෙය හුදු ඥාති සංග්‍රහයක් බවට චෝදනා නැගෙන අතර ඒ සඳහා මහජන මුදල් වියදම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

කෙසේ වුව ද අමාත්‍ය අලී සබ්‍රි පවසන්නේ ඇමරිකාවේ ඉගනුම ලබන සිය පුතා ස්වේච්ඡා පදනම යටතේ තම පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය කරන බවත් ඔහුගේ විශේෂඥ දැනුම ලබා දීම සඳහා මෙම හමුවට එකතු වූ බවත්ය. ඒ සඳහා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *