ඇමැති විජයදාස ජනපති සටනට… ශ්‍රීලනිපය ගෙඩිය පිටින් විජයදාසට…!

April 1, 2024 at 12:54 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නා ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති අතර එහි දී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස සහභාගි විය. ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

කෙසේ වුව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙතෙක් ඒ පිිළිබඳ තීන්දුවක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ තව දුරටත් සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *