ඇමැතිකම් ඕන තරම් කළත් ඇමැතිකමකට මෙච්චර නාහෙන් අඬලා නම් නෑ…!

May 11, 2023 at 10:34 am | by emanisa.lk

තමන් බලාපොරොත්තුවෙන් සිටින කැබිනට් අමාත්‍ය තනතුර තවමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මේ වනවිට සිටින්නේ දැඩි කළකිරීමෙනි.

හිටපු ඇමැතිවරයා මේ දිනවල උදෑසන පටන්ම ජනාධිපතිවරයාට හිතවත් විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් තම දුක කියමින් සිටින බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහු බොහෝදෙනෙකුට කියා ඇත්තේ “මම ඕනෙ තරම් ඇමතිකම් කරලා තියෙනවා, ඒත් ඒ කිසිම ඇමතිකමකට මේ තරම් නහයෙන් අඬලා නෑ” යනුවෙනි.

“ලොක්කා මාවත් ඇන්දුවා. බලන්නකො මට, රාජිතට එහෙම වෙච්ච වැඩේ. මේ ඇමතිකම් දෙන කතාව නොකියා හිටියා නම් මීට වඩා හොඳයි. ලොක්කා තරම් මිනිස්සු අන්දන්න දක්ෂයෙන් මේ රටේ තවත් නෑ ඉතින්” යන කතාවත් මේ දිනවල ඔහු නිතර පවසන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස