ඇමරිකාව අපට බදු ගැහුවේ අදක්ෂ පාලකයන්ගේ වැඩ නිසායි…! – නලීන් බණ්ඩාර…

April 3, 2025 at 7:38 pm | by emanisa.lk

ඇමරිකානු නව බදු සමග රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වසර 36කට පෙර ගොඩනැඟූ ඇඟළුම් මූලික කරගත් ආර්ථිකයේ මළගම අද සනිටුහන් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට හේතුවුණ කරුණු කාරණා අතර වර්තමාන අදක්ෂ පාලකයන්ගේ තීන්දු තීරණ ද ඇති බවයි.

දුර දකින් නායකයකු වන සජිත් ප්‍රේමදාස මේ පිළිබඳ මෙයට පෙර කතා කළ බව ද නලීන් බණ්ඩාර සඳහන් කරයි.

එක පෑන් පහරින් අපනයන ආර්ථිකය මත පනවා ඇති බදු ඉවත් කර අපනයනකරුවන් ශක්තිමත් කිරීමේ තීන්දුව ගන්නා ලෙස ජනාධිපතිවයාගෙන් ඉල්ලා සිටින බව ද නලින් බණ්ඩාර ප්‍රකාශ කරයි.

එදා රටට අහිමි වූ GSP+ පහසුකම යහපාලන ආණ්ඩුව සමයේ නැවත ලබා ගැනීමට කටයුතු කළහර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත කණ්ඩායමක් සිටින සජිත් ප්‍රේමදාසගෙන් සහයෝගය ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දුන්නේය.

සමගි ජන බලවේග සැමරුම් උත්සව සභාව අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *