ශ්‍රී ලංකාවේ අපනයන ආදායමින් 23%ක් ඇමරිකාවට අපනයනය කරන ඇඟළුම් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේති පවසයි.
ඇමරිකාව 44%ක් බදු පැනවුව ද අපේ ඇඟළුම්වල ඇති ඉහළ ප්‍රමිතිය නිසා ඇමරිකානු වෙළඳපොළේ ඒ සඳහා තරඟ කළ හැකි බව ඇමතිවරයා අවධාරණය කරයි.
එහෙයින් මෙම නව බදු ලංකාවට තර්ජනයක් වේ යැයි තමන් නොසිතන බවත් ඉදිරියේ දී නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඇමරිකාව සෙසු රටවල් සමග ඇති කරගන්නා වෙළඳ බාධාවන් සමග නව වෙළඳපොළ අවස්ථා අපට ලැබෙනු ඇති බවත් එහෙයින් ඇමරිකානු බදු ගැටලුවක් ලෙස නොව අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන බව ද ඇමති සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.