කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය දිවයින පුරා දුඹුරු සීනි අලෙවි කිරීම සඳහා තොග අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සූදානම් වෙයි.
ඒ පිළිබඳ අමාත්‍ය සුනිල් හඳුන්නේති මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පලකර ඇති දැන්වීමක් පහත දැක්වෙයි.
ලංකා සීනි පුද්ගලික සමාගම
දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා තොග විකිණුම් ස්ථාන පිහිටුවීම සහ බෙදාහැරීමේ ගබඩා පහසුකම් සඳහා ගොඩනැගිලි කුලියට ගනු ලැබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන 100% ක්ම භාණ්ඩාගාරය සතු සමාගමක් වන සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම දුඹුරු සීනි තොග ලෙස විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් පිහිටුවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් සඳහා අපේක්ෂිත ගොඩනැගිලි පහත සඳහන් කරුණු වලට අනුකූල විය යුතුය.
1. අභ්‍යන්තර ගොඩනැගිලි ඇතුළත වට ප්‍රමාණයේ අඩි 10 × 10 ලෙස සහ ගබඩා පහසුකම් අඩි 40 × 50 ලෙස තිබිය යුතුය.
2. ජල හා විදුලි සැපයුම තිබිය යුතුය.
3. අවුරුදු දෙකක සීමාවකට ගිවිසුම් වෙත වීමේ හැකියාව තිබිය යුතුය.
4. විකිණීමේ ස්ථාන සඳහා තෝරගත් ගොඩනැගිලි නගරයේ ප්‍රධාන මාර්ගය වෙත මුහුණලා තිබිය යුතුය.
5. ගබඩා පහසුකම එක් දිස්ත්‍රික්කයක, එක බැගින් පහත සඳහන් දිස්ත්‍රික්ක ස්ථානවලට සමීපව තිබිය යුතුය.
6. අතරමැදි (බ්රෝකරුවන්) කිසිසේත්ම පිළිගනු නොලැබේ.
7. මේ සඳහා අයදුම් කළ හැක්කේ ගොඩනැගිලි හිමිකරුවන් හට පමණි.
බස්නාහිර පළාතේ
බත්තරමුල්ලේ, නුගේගොඩ, අවිස්සාවේල්ල නාරාහේන්පිට, කොටුව, ගම්පහ, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ, රාගම, කලුතර, පානදුර
මධ්‍යම පළාත
නුවර, ගම්පොල, අකුරණ, දඹුල්ල, නුවරඑළිය
දකුණු පළාතේ
ගාල්ල, අම්බලන්ගොඩ, මාතර, හම්බන්තොට
වයඹ පළාතේ
කුරුණෑගල අලව්ව, කුලියාපිටිය පුත්තලම
උතුරු මැද පළාත
අනුරාධපුරයේ තඹුත්තේගම, පොළොන්නරුව,
සබරගමුව
රත්නපුරය, ඇඹිලිපිටියේ, කෑගල්ල
ඌව පළාත
බදුල්ල, මොණරාගල
නැගෙනහිර පළාත
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය
උතුරු පළාත
යාපනය, වව්නියාව
උනන්දුවක් දක්වන පාර්ශ්ව 2025 සැප්තැම්බර් 3 දක්වා සතියේ වැඩකරන දිනවල 09.00 සිට 16.00 දක්වා කාලය තුළ සභාපති ලංකා සීනි පුද්ගලික සමාගම, wing-B, 1 වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.
අයදුම් පත්‍රය රුපියල් 5000.00 ක නැවත නොගෙවනු ලබන ලියාපදිංචි ගාස්තුවක් අදාළ වන අතර එම මුදල සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම, Wing-B, 1 වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල පිහිටි සීස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ මූල්‍ය අංශයට මුදලින් ද, එසේ නැතහොත් පහත සඳහන් බැංකු ගිණුමට තැන්පත් කර එහි ලදුපත ලියාපදිංචි ලේඛන සමග යුතුය ඉදිරිපත් කළ යුතුය.
ලංකා බැංකුව
මිලාගිරිය
සීස ලංකා සීනි (පුද්) සමාගම
ගිණුම් අංකය – 73927950
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ඉල්ලා ඇති ඊට අදාළ ලේඛන සමඟ මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා 2025 සැප්තැම්බර් 4 වැනි දිනදා සවස 2.00 ට පෙර සභාපති සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම Wing-B, 1වන මහල, සෙත්සිරිපාය – අදියර 1, බත්තරමුල්ල වෙත අතින් ගෙනැවිත් ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් සේවාවක් මගින් ලැබෙන්නට සැලැස්විය යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන පිහිටුවීම සහ ගබඩා පහසුකම් සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම” ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය. භාර ගැනීම අවසන් වූ වහාම යෝජනා විවෘත කරනු ලැබේ. ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් හට ලංසු විවෘත කරන අවස්ථාව සඳහා සහභාගි විය හැකියි. මෙහිදී ප්‍රමාද වී ලැබෙන මිල ගණන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ටෙන්ඩර් මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වනු ඇත.
උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට වැඩි දුර තොරතුරු සීස ලංකා සීනි (පුද්) සමාගමේ ප්‍රසම්පාදන ප්‍රධානී වෙතින්
දු.ක +9412584184
ජංගම +94770103359
ෆැක්ස් +94112500674
ඊමේල් – [email protected] සහ සහකාර කළමනාකරු – අළෙවි +94710912252
ඊමේල් – [email protected] මගින් ලබා ගත හැක.