ඇමති වත්කම් ප්‍රශ්න කිරීම තහනම්… ප්‍රශ්න කළොත් කෙළින්ම හිරේ…හොරු අල්ලන ආණ්ඩුවෙන් නව නීති…!

August 5, 2026 at 1:02 pm | by emanisa.lk

ආණ්ඩුව මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීමට වැට බඳින නව නීති සම්පාදනයට කටයුතු කරමින් ඇතැයි වරුණ රාජපක්ෂ පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ සිය වෙබ් අඩවියට එකතු කිරීමේදී ඇතැම් කොටස් කපා හරින බවත් ජනතාව කෙසේ හෝ අදාළ මුල් පිටපත් සොයාගෙන එම දේපළ පිළිබඳ ප්‍රශ්න කිරීම ආණ්ඩුවට දැන් හිසරදයක් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අමාත්‍ය ලාල්කාන්ත කොළඹ හැදූ නව නිවස සහ ඒ සඳහා මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න කිරීම ජනතාව ප්‍රශ්න කිරීම මීට ආසන්නම හේතුව බවද විජිත හේරත්ගේ දේපළද මේ ආකාරයට ප්‍රශ්න කළ බවද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.

නව නීතිය අනුව මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම රු. ලක්ෂයක දඩයක් සහ වසරක සිර දඬුවමක් හිමි වන වරදක් බවට පත්කිරීම නිසා හිරේ විලංගුවේ වැටීමට බිය ජනතාව මැති ඇමති වත්කම් ගැන ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කතා කිරීම නවතා දමනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් වරුණ රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *