පසුගිය ආණ්ඩු සමයේ තමන් විසින් ගෙන ආ නව නීති අනුව වත්කම් බැරකම් ප්රකාශය ප්රසිද්ධ ලේඛනයක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එය සිය වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට එකතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසයි.
මේ වන විට ආන්දෝලයට ලක්ව ඇති ඇමති කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්රකාශය පාර්ලිමේන්තුව ඔස්සේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දුන්නද එය එම වෙබ් අඩවියේ නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
ඇමති ලාල්කාන්තගේ සුපිරි නිවස ප්රසිද්ධියට පත්වීමත් සමගම ඔහුගේ වත්කම් බැරකම් ප්රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි ඇතැමුන් පවසන බවත් ඒ පිළිබඳ එම කොමිසම පැහැදිලි කිරීමක් කළ යුතු බවද සංජීව එදිරිමාන්න අවධාරණය කරයි.