ඇමති කළු ඉතිහාසය වෙනස් වෙයි! ඇමති නිමල් පැමිණි උත්සවයේ ශාලා ගාස්තුව සාක්කුවෙන් ගෙවයි!

August 16, 2020 at 6:08 pm | by emanisa.lk

ඉදිරියේදී තම දේශපාලන ගමන සඳහා රාජ්‍ය දේපල කිසිදු ලෙසින් භාවිත නොකරන බව බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කර ඇත.

ඒ අනුව තමන් පැමිණි වහාම මෙම උත්සවය පැවැති ශාලාවේ ගාස්තුව විමසා එම ගාස්තුව තමන් විසින්ම එම අවස්ථාවේදීම ගෙවීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දේශපාලඥයන් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් රාජ්‍ය දේපළ භාවිත නොකළ යුතු බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස