ඇමතිකම් ඉල්ලූ අයට ජනපති දැඩි විරෝධය! තනතුරු පසුපස දුවන අය රට හදන්න බාධාවක් බව කෙළින්ම කියයි..

August 10, 2020 at 10:16 am | by emanisa.lk

නව ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්වලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයින් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි අප්‍රසාදයකින් පසුවන බව වාර්තා වේ.

අදාළ පාර්ශ්ව විවිධ උපක්‍රම භාවිත කරමින් ඍජුවම ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීම් කරන බව සඳහන්ය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදය පළකර ඇති අතර එවැනි පාර්ශ්වයන්ට අමාත්‍ය ධුර ලැබීමට ඇති අවස්ථාව ඇහිරී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පාර්ශ්වවලින් විමසා ඇත්තේ ‘වැඩ කරන්න අමාත්‍ය ධුර අවශ්‍යමද?” යනුවෙනි.

තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනයට පිවිසෙන පාර්ශ්වයන් රට ගොඩනැගීමේ තම දැඩි අවශ්‍යතාවට බාධාවක් වන බවත් තමන්ට අවශ්‍ය වනුයේ තනතුරු හා අමාත්‍ය ධුර පසෙකලා රට වෙනුවෙන් කැපවීමට සූදානම් පිරිසක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි ද සඳහන්ය.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා වන සරත් වීරසේකර සඳහන් කළේ තමන්ට මෙගාපොලිස් අමාත්‍ය ධුරය හිමි වන්නේ නම් සතුටු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස