ඇඳිරි නීතිය නොතකා විරෝධතා කරන්න..! – මෛත්‍රී..

July 9, 2022 at 12:16 am | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් මානව නිදහස පිළිගන්නා රටක සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් දිනාගැනීමට අරගල සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර දී තිබේ.

එබැවින් නිදහස් සහ සාමකාමී නිරායුධ මිනිසුන්ගේ අරගලය මැඬපැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සැමදා පිළිගත් අයෙකු ලෙස මා මෙය රජය ගත් බියගුළු ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරමි.

පීඩාවට පත් ජනතාවගේ සැබෑ හඬ යටපත්වීමට ඉඩ නොදී ඇඳිරි නීතිය පසෙකලා තම අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජනතාව හෙට දින (09) ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් උදෙසා නොබියව එකතු වෙනු ඇතැයි මා විශ්වාස කරමි.

මෛත්‍රීපාල සිරිසේන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *