ඇතැම් දිස්ත්‍රික්කවල වී මිල දී ගැනිම් ආරම්භ කළා… සහතික මිල ඉදිරියේ දී නියම කරනවා…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

January 19, 2025 at 8:58 am | by emanisa.lk

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඇඹිලිපිටිය වී ගබඩා පරිශ්‍රෙය් නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් හෙතෙම මේ බව කීය.

තවත් සති දෙකක් ඇතුළත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වන විටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වී සඳහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *