ආහාර අර්බුද අභියෝගයත් හමුදාව භාර ගනී…! යුද හමුදා කඳවුරු මහ ගොවි බිම් බවට පෙරළයි…!

June 7, 2022 at 10:37 am | by emanisa.lk

ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට දිවයිනේ සියලු ම යුද හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් වගා වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ‍ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපති ධුරයට සමු දුන් ශවේන්ද්‍ර සිල්වා පෙරේදා (05) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබා ගෙන මෙලෙස අදහස් දැක්වීය.

“මේ වගා සංග්‍රාමයෙන් යුද හමුදාවේ ආහාර අවශ්‍යතාව මෙන්ම රටේ ආහාර අවශ්‍යතාවට ද උපරිම දායකත්වයක් දිය හැකියි. යම් ආහාර අර්බුදයක් පැන නගින්නේ නම් ඒ සඳහා සක්‍රීය අයුරින් දායකවීමට ශ්‍රී ලංකා යුද හමුදාව සිය උපරිම කාර්යභාරය ඉටු කරනවා.

ඉකුත් වසර දෙකේ දී යුද හමුදාවේ ලක්ෂයක පමණ පිරිසකට උසස්වීම්දී තිබෙනවා. නිවාස නොමැති සෙබළුන්ට හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *