ආසියානු ශූරියන්ට ඉදිරියෙන් ඇමැති…! සමාජ මාධ්‍යවල දැඩි විවේචන…!

September 13, 2022 at 2:27 pm | by emanisa.lk

ආසියානු ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (13) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට ගිය ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සම්බන්ධයෙන් සමාජ ජාලවල විවේචනය එල්ල වෙමින් තිබේ.

දැල්පන්දු කණ්ඩායමක් පිළිගෙන නර්තන කණ්ඩායම් විසින් කැඳවා ගෙන එද්දී සියල්ලට ඉදිරියෙන් අමාත්‍යවරයා ගමන් කරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *