ආසියානු ක්‍රීඩා උළෙලින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්…!

October 4, 2023 at 5:31 pm | by emanisa.lk

ආසියානු ක්‍රීඩා උළෙලේ දී තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ සඳහා ඈ ගත කළ කාලය වි. 2:03.20කි.

තරඟයේ රිදී පදක්කම ඉන්දියාවේ හර්මිලන් බයින්ස් දිනා ගත්තේ වි. 2:03:75ක කාලයක් වාර්ත කරමිනි. වි. 2:3:90කින් තරඟය නිමා කළ චීනයේ වැන්ග් චුන්යුට ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

මෙය ශ්‍රී ලංකාව 2002 වසරට පසු දිනාගත් ප්‍රථම ආසියානු මළල ක්‍රීඩා රන් පදක්කම වීම විශේෂත්වයකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *