මෙම වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාල පරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ ඩොලර් මිලියන 275.1ක ණය ආපසු ගෙවීම් සහ ඩොලර් මිලියන 227.9 ක් පොලී වශයෙනි. 2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.5 කි.
කෙසේ වුව ද 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින සිට ද්විපාර්ශවික සහ වානිජ ණය හිමියන්ගේ විදේශ ණය සේවාකරණය අන්තර්කාලීන වශයෙන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.