පසුගිය වසරේ මෙරට වගා කළ හැකි ආහාර භෝග රාශියක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේදී හතෙම මෙම හෙළිදරව් කළේය.
එම ආහාර භෝග ආනයනය සඳහා ඩොලර් මිලියන 295ක වියදමක් රජය දරා ඇති බව ද අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙලෙස ආනයනය කර ඇති එම ආහාර භෝග අතර කිරි අල සහ මංඤ්ඤොක්කාද ඇති බව දුටු තමන් පුදුමයට පත්වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු එහිදී වැඩි දුරටත් පැවසුවේ එම භෝග වර්ග අතර සුදු ලූණු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, අන්නාසි, මෑ කරල් සහ මුං ඇට ද ඇති බවය.