එදා අවසාන වරට රට වහන්නෙ නැතුවාම බලෙන් වහන්න හැදුවා. වෙළඳ සංගම් යොදාගෙන සමහර ටවුන් වැහුවා. ආර්ථික අර්බුදය එනව කියල දැනගෙන ආණ්ඩුව අල්ලගෙන හිටිය.
පස්සෙ ඔය ආණ්ඩුවේ ම ඉන්න ඊනියා විපක්ෂය, විමල් ගම්මන්පිලත් මේකට එකතු වුණා. ඔවුන්ටත් ඕන ආර්ථිකය කොහොමහරි වට්ටන්න. අන්තිමට එකම විකල්පය රට වැහීම විතරයි කියල මතයක් හැදුන නිසා ජනාධිපතිතුමා රට වැහුවා. වහනකොට ම එතුමා කිව්ව රට වහන්නම්, හැබැයි කැපකිරීම් කරන්න සිදුවෙයි කියල. දැන් තමා ඒ කියපු කැපකිරීම් කළ යුතු වෙලාව.
අනෙත් පැත්තෙන් සංචාරක කර්මාන්තය ගොඩගන්න යුක්‍රේනයෙන් සංචාරකයින් ගේනකොට ඒකට මඩ ගැහුවා. කෝවිඩ් ගේනව කියල. ඒකත් කඩාකප්පල් කළා. සංචාරකයින් ගේන්නෙ මොකටද ඇහුවා. කොමිස් ගහන්න ද ඇහුවා. එම කර්මාන්තය පැත්ත වැටිල තිබුණේ. ඒ අයවත් ඉස්සරහට ඇවිත් මේ toxic ප්‍රචාරයන්ට පිළිතුරු දුන්නෙ නෑ. ආණ්ඩුව විතරක්, විශේෂයෙන් බැසිල් රාජපක්ෂ බැණුම් ඇහුවා. හැබැයි සංචාරක කර්මාන්තය වේලාසන පටන් ගත්තා නම් මේ අර්බුදය මේ තරම් උග්‍ර වෙන්නෙ නැ.
එතකොට, අපට ජීවිත රැකල දෙන්න, ආර්ථිකය කන්න ද ඇහුවා. දැන් අහනව ජීවත් වෙලා මොකට ද ආර්ථිකය නැත්නම් කියල. මේක තමා අපේ බහුතර පුරවැසියන්ගෙ තරම.
මහින්ද පතිරණ