ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව අතරට වැඩි වැඩියෙන් මුදල් මුදාහැර ඔවුන් ආයෝජන මාර්ග වෙත නැඹුරු කිරීම බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
තමා පසුගියදා පෞද්ගලික කර්මාන්ත ආයතනයකට ගිය බවත් එහි නිෂ්පාදන විවිධාංගීකරණය මගින් ආර්ථික සංවර්ධනය පිළිබඳ කදිම නිර්ණායකයක් දිය හැකි තැනක් බවත් ඇමතිවරයා පෙන්වා ප්‍රකාශ කරයි.
ආර්ථික අර්බුදය සමයේ එහි නිපදවන සබන්, ෂැම්පු සහ දත් බෙහෙත් ෂැෂේ පැකට් මිලට ගත් ජනතාව දැන් නැවත එහි විශාල නිෂ්පාදන මිලට ගන්නා බවද ඔහු පෙන්වා ආර්ථික අර්බුදය නැවත වැඩි වන විට එම නිෂ්පාදන නැවත කුඩා වන බවද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.
ජනතාවට ලොකු මිලදී ගැනීමේ හැකියාවක් නොමැති නම් නැවත ෂැෂේ පැකට් ඉල්ලුම ඉහළ යන බවද ඔහු ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.