ආර්ථික අර්බුදයෙන් පසු හිස එසවූ ආර්ථිකය යළි අවරට… වසර දෙකකට පසු ආර්ථික වර්ධනය වේගය පහළට…!

October 5, 2026 at 10:20 am | by emanisa.lk

පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ ස්වභාවයක් මතුව ඇතැයි වාර්තා වේ.

2022 වසරේදී මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය, ඊට පෙර වසරේ පැවති ආර්ථික සංකෝචනයෙන් මිදී 2023 සහ 2024 වසර දෙකේදීම සියයට 5 බැගින් වූ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.

එහෙත් මෙම වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති අතර, එය පසුගිය කාර්තු අටක කාලය තුළ වාර්තා වූ අවම වර්ධන අගය ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, වසරේ දෙවන භාගය ද ඇතුළුව සමස්තයක් ලෙස මෙම වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 4 ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *