ආර්ථිකය හසුරුවන්නේ කවුද කියල අපිත් දන්නේ නෑ…! පාලකයින් නිලධාරීන් රටට කියන්නේ ම බොරු…! ජනතාවට බොරු කියල ගොඩ යන්න බෑ…! – පොහොට්ටු මන්ත්‍රී…

December 14, 2021 at 4:36 pm | by emanisa.lk

මේ වන විට රටේ ආර්ථිකය මෙහෙයවන්නේ කොතනින් ද යන කාරණය තමන්ට ද හඳුනා ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

රටේ ප්‍රධානීන්ට ආර්ථිකය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙන බවත් බොහෝ දෙනෙකු මෙම අර්බුදයේ බැරෑරුම් බව හඳුනා ගෙන නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මාසයේ මුල මෙතරම් ඩොලර් ප්‍රමාණයක් එන බව ප්‍රකාශ කළ ද මාසය අන්තිමේ එවැන්නක් සිදුව නොමැති බව තහවුරු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම ගැටලුව සියලු දෙනා එක්ව සාමුහිකව සත්‍යගරුවක විසඳිය යුතු බවත් ඇත්ත කතා කරන නිලධාරීන් සහ ප්‍රධානීන් සමග පමණක් ඉදිරියට යා හැකි බවත් අනුර ප්‍රියදර්ශන යාපා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස