දීර්ඝ කාලීනව ආර්ථිකය ගොඩනැගීමේ සැලැස්මක් තමන් සතු බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.
එපමණක් නොව ජනතාව මත හෙළා ඇති පීඩනය අවම කිරීමේ සැලසුමක් ද තමන්ට ඇති බවයි, ඔහු සඳහන් කළේ.
මාලිමා ආණ්ඩුව බලයට පැමිණ වසරක් එකහාමාරක් ඇතුළත ඉන්ධන මිල 1/3කින් පහත හෙළන බව ද හෙතෙම කීය.
ජනතාවට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි වුව ද රටේ ආර්ථිකය ස්ථාවර වන තුරු ජනතාවට සහන මල්ලක් ලබා දෙන බව ද අනුර දිසානායක සඳහන් කළේය.
ඊයේ (30) කොට්ටාව නගරයේ පැවැති ජාතික ජන බලවේග ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.