එළඹෙන 05 වෙනිදා සිට ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි.
දිස්ත්‍රික් මට්ටමින් මෙම ප්‍රචාරණ වැඩපිළිවෙළ ඉදිරියට යෑමට නියමිත බවද ඇය ප්‍රකාශ කරයි.
නුදුරේදී කිසිදු මැතිවරණයක් නොපවත්වන බවද පළාත් සභා මැතිවරණය නොපවත්වන බවද නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.
මේ ආකාරයට නුදුරේදී මැතිවරණයක් නොමැති පසුබිමක ආණ්ඩුව සිය ප්‍රචාරණ කටයුතු දියත් කරන්නේ ඇයිද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා කැඳවා තිබූ කුඩා ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත.