ආනයනික අර්තාපල් හා බඩ ඉරිගු සඳහා බදු ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබේ. උතුරේ සහ සෙසු පළාත්වල අර්තාපල් ගොවියා සිය අස්වනු නෙළන සමයේ ආනයනික අර්තාපල් සඳහා මෙම බදු ඉහළ නැංවීම සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින. ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා බදු මුදල රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා තිබේ.
එසේම ආනයනිත බඩඉරිඟු කිලෝවක් සඳහා බදු රුපියල් 10කින් වැඩි කර ඇත. යල කන්නයේ අස්වනු නෙළීම සමග දේශීය ගොවියාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමේ අරමුණින් මෙම තීන්දුව ගෙන තිබේ.