විදේශ රාජ තාන්ත්රික සේවය සඳහා 100%ක් විදෙස් සේවා සුදුසුකම්ලාභීන් පමණක් යවන බවට 2023 අයවැය විවාදය අවස්ථාවේ වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුව අමතමින් සහතික වූ බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසයි.
කෙසේ වුව ද මෙම ආණ්ඩුව බලයට පත්ව ලබාදුන් විදෙස් සේවා පත්වීම් 8 අතරින් 7ක් විදෙස් සේවයේ නොවන බවයි, ඔහු පෙන්වාදෙන්නේ.
හිටපු අගවිනිසුරුට විශ්රාම ගිය වහාම තානාපති ධුරයක් පිරිනමා ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.
ඉතාම දුෂ්කර පසුබිමක් යටතේ ද පසුගිය ආණ්ඩුව විදෙස් රාජතාන්ත්රික සේවා පත්වීම්වලින් 75%ක් විදෙස් සේවා සුදුසුකම්ලාභීන් අතරින් තෝරාපත්කර ගත් බව දිලිත් ජයවීර ප්රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.