ආණ්ඩුව රටේ සියලු ප්‍රශ්න විසඳනවා… එතකොට වෙන පක්ෂ අවශ්‍ය නෑ… මාලිමාව විතරයි ඡන්දේ ඉල්ලන්නේ… ලියලා තියාගන්න…! – මාලිමා මන්ත්‍රී….

September 4, 2026 at 10:06 am | by emanisa.lk

ජනතාවගේ මූලික ගැටලු ස්ථිරව විසඳීමෙන් පසු රටේ වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

ඒ අනුව රට තනි පක්ෂ පාලනයක් කරා යනවා නොව යැවෙනු වනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

“අපේ වරාය සමුපකාර සමිතියේ මැතිවරණයේදීත් වෙන්නේ ඕකයි. එතනදී වෙන කවුරුත් ඡන්දය ඉල්ලන්නේ නැහැ, අපි විතරයි ඉල්ලන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න හරියට විසඳුවාම තවත් පක්ෂ මොකටද? මේක ලියලා තියාගන්න.”

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තනි පක්ෂ පාලනයකට මඟ සැලසෙන බවට එල්ල වන චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කළේය.

ලෝකයේ ඇතැම් රටවල එකම කණ්ඩායමක් දිගින් දිගටම බලයේ රැඳී සිටින බවත් වෙනත් කිසිදු පාර්ශ්වයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පවා උත්සාහ නොකරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජන හමුවක් අමතමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *