අනුරාධපුර පූජා නගරයට සහ බෞද්ධ ජනතාවට හානියක් වන කිසිදු තීරණයක් වත්මන් රජය නොගන්නා බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බව අනුරාධපුර ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ පවසති.
පූජා භූමිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් විහාරාධිපති හිමියන් වෙත සංදේශයක් භාරදුන් අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.