ආණ්ඩුව පොසොන් සමරන්න අරක්කු පර්මිට් 05ක් දෙන්න හදනවා….!

June 9, 2021 at 7:35 am | by emanisa.lk

රටේ ප‍්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු රැසක් තිබිය දී මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් අලුතින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පොසොන් මාසයේ කටයුතු කරන බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ පවසයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) මේ බව අනාවරණය කළේය.

රට නොයෙක් විපත්වලට මුහුණ දී සිටින අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මෙසේ ක‍්‍රියා කරන්නට යෑම කොතරම් සදාචාර සම්පන්න දැයි අගමැති මහින්ද රාපක්‍ෂගෙන් ප‍්‍රශ්න කර සිටින බවත් හෙතෙම සඳහන් කළේ ය.

මේ කුමන සදාචාරයක් දැයි ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලුතින් ලබා දීමද කළ යුත්තේ නැත්නම් රට මේ විපතින් ගලවා ගැනීමදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටින බවත් බුද්ධික පතිරණ ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *