ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය උදුරගන්න හදනවා! ඒකට ඉඩ දෙන්න එපා! – අනුර කතානායකගෙන් ඉල්ලයි….

August 20, 2020 at 11:04 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව සතු බලය කිසිම ආකාරයකින් කිසිවෙකුට පැහැර ගැනීමට ඉඩ ලබා නොදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නව කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

නව කතානායක ධුරයට පත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වෙත සුබපැතුම් පිළිගන්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කතානායකවරයාට පැවරී ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස රැක ගැනීම බව ද හෙතෙම අවධාරණය කළේය.

එම බලය පැහැර ගැනීමකට හෝ දුර්වල කිරීමකට හෝ ඉඩ නොදෙනු ඇතැයි විශ්වාසයක් තමන්ට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස