ආණ්ඩුව ණය ගෙවන්නේ නැතිව පුරසාරම් දොඩනවා..! ණය ගෙව්වොත් ඉන්ධන ගෑස් බෙහෙත් නැතිව රට නවතිනවා..!

February 26, 2024 at 6:53 pm | by emanisa.lk

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ආ බවට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර පවසයි.

ආණ්ඩුව මෙම මිත්‍යාව පතුරුවන්නේ තවත් වසර 05ක් සඳහා ආණ්ඩු බලය ලබා ගැනීමට බවයි, ඔහු සඳහන් කළේ.

රටේ සෑම පුරවැසියෙකු ම මේ වන විට රු. ලක්ෂ 13ක් පමණ ණයකාරයින් වී ඇතැයි ද හෙතෙම චෝදනා කළේ නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

ආණ්ඩුව ඩොලර් බිලියන 04ක විදේශ සංචිත ඉතිරි කරබව පැවසුව ද මේ වන විට වාර්ෂිකව ඩොලර් බිලිය 5-6ක පමණ ගෙවිය යුතු ණය නොගෙවන බව ද දැන් සිදුවන්නේ තව තවත් ණය කන්ද ගොඩගැසී බව ද ගුණපාල රත්නසේකර කීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් ණය ගෙවීම නවතා නොදමා එක අවුරුද්දක නියමිත ණය ගෙව්වේ නම් මේ වන විට රටට පෙට්‍රල් ටික බෙහෙත් ටික ගෑස් ටික ගෙන්වා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *