ආණ්ඩුව ඡන්දයක් තියන්නේ විපක්ෂෙ බෙදන්න..! ඒකට අහුවුණොත් රාජපක්ෂලා ආයේ නැඟිටිනවා…! – දුමින්ද නාගමුව…

October 25, 2022 at 3:53 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පාලකයින් ලබා දුන් දේ නොව ලෝක පීඩිත පන්තිය විප්ලව කොට දිනාගත් දේ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.‍

රනිල් – රාජපක්ෂ දේශපාලනය මර්දනය, ආර්ථිකය බිඳ දැමීම සහ විපක්ෂය බෙදීම යන කරුණු මත ක්‍රියාත්මක වන බව අවබෝධ කරනොගතහොත් ආණ්ඩුව පරාජය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

විපක්ෂයේ ඇතැමුන් මැතිවරණ ඉල්ලා සටන් කළ ද ආණ්ඩුව මේ අවස්ථාවේ මැතිවරණයක් ගෙන එන්නේ විපක්ෂයේ එකතු වීම අවුල් කිරීමට බවට ද දුමින්ද නාගමුව චෝදනා කළේය.

මැතිවරණය ඔස්සේ විපක්ෂය නැවත බෙදී ගියහොත් නැවත රාජපක්ෂලා නැගිටීම වැළැක්විය නොහැකි බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *