ආණ්ඩුව ‘ගියා නෙමෙයි යැව්වා’ කී අදානි පස්සේ… අදානි අවසන් තීන්දුව දෙයි….!

March 12, 2025 at 12:53 pm | by emanisa.lk

මීට පෙර ලබදුන් මිල ගණන්වලට එකඟ නම් මෙගා වොට් 484ක මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම බලශක්ති අමාත්‍යංශයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකට පසුව ගාස්තු පිළිබඳව ලංකා රජයේ අනුමැතිය ලැබෙන තෙක් මෙගා වොට් 484 ක සුළං පුනර්ජනනීය විදුලි උත්පාදන ව්‍යාපෘතිය සහ, කිලෝ වෝල්ට් 220 සහ 400ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති 2 ඇතුළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අති නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට තම සමාගම උත්සාහ කළ බව ද මේ සමඟ දැනුම්දී ඇති බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධව නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත්, ඒ පිළිබඳව කිසිදු නිල සන්නිවේදනයක් රජය පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වෙන්න තීරණය කළ බවද අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම මෙරට බලශක්ති අමාත්‍යංශයට වැඩි දුරටත් දැනුම්දී ඇති බව ද වාර්තා වෙයි.

එහෙත් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා තිබුණේ, අදානි ව්‍යාපෘතිය මුළුමනින්ම අවසන් කර නොමැති බවත් යළි අවස්ථාව ලබාදීම වෙනුවෙන් අදානි සමාගම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *