අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිත කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවර් වර්ගයේ ජීප් රථයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස ගාලු මුවදොර වාහන සංදර්ශනයක් පවත්වමින් සුඛෝපභෝගී වාහන භාවිත නොකරන බව පැවසූ ද ඔවුන් අද සැප පහසු වාහන පාවිච්චි කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
අනුරාධපුර දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර වසන්ත සමරසිංහ මහතා දැන් භාවිත කරන වාහනය කුමක්දැයි දෙරණ 360 වැඩසටහනකදී අවස්ථා දෙකකදී විමසුවද ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය.
තමන් භාවිත කරන්නේ ඉන්ධන ලීටරයට කිලෝමීටර් හත අටක් යන ජීප් රථයක් බව කීවද ඔහු භාවිත කරන වාහන වර්ගයේ නම හෝ මාදිලිය සඳහන් නොකිරීමට වග බලා ගත්තේය.