ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කරන උත්සාහයක…!

January 6, 2024 at 11:28 am | by emanisa.lk

සහල් සහ බඩ ඉරිඟු පිටරටින් ආනයනය කර රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරන්නේ යැයි සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සීනි බද්ද අඩු කර තම ගජ මිතුරන්ට සහන ලබාදීමට සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුව හාල් සඳහා අය කළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවත් බවට ද මහලේකම්වරයා චෝදනා කළේය.

ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා මෙන් බාල හාල් ආනයනයට සුදානම් වන බව මෙම තීරණයෙන් පැහැදිලි වන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

වී අස්වැන්න හොඳින් ලැබෙන කාලයක හාල් ටොන් ලක්ෂ ගණනක් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන බවත් මේ හේතුවෙන් වී විකුණා ගැනීමට නොහැකිව රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වනු ඇති බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *