ආණ්ඩුව කෙරෙහි තමා දැන් සිටින්නේ තරහින් බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.
එයට හේතුව ආණ්ඩුව සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුම්වත් නොකිරීම නිසා යැයි එහිමියෝ ප්‍රකාශ කරති.
ගෙවුණු දෙවසර තුළ ආණ්ඩුව වැව් 1500ක් ප්‍රතිසංස්කරණය කර පාරවල් විශාල ගණනක් තනවා, නිවාස 14 040ක් ඉදිකළ ද තමා පවසන තරම්වත් ආණ්ඩුව සිදුකළ සංවර්ධන කටයුතු ගැන ආණ්ඩුව කතා නොකරන බවට ඉඳුරාගාරේ හිමි චෝදනා කරයි.
එහෙයින් සියලු මැති ඇමැතිවරුන්ගේ ප්‍රගති වාර්තා කැඳවා රටට කළ වැඩ පිළිබඳ වාර්තාවක් රටට ලබා දෙන ලෙසත් කළ වැඩ නොකියා සිටින විට ජනතාව ආණ්ඩුවට බනින එක සාධාරණ බවත් එහිමියෝ පෙන්වා දෙති.
අනුරාධපුරේ පැවැති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.