ආණ්ඩුව ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් රටටම හංගයි… තොරතුරු පනතින් ඉල්ලන්නැයි දැනුම් දෙයි…!

April 9, 2025 at 3:48 pm | by emanisa.lk

ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඇමති විජිත හේරත්ගෙන් ඉල්ලා සිටි විට ඒවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලෙස දැනුම් දුන් බවයි, ඔහු සඳහන් කළේ.

රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට අදාළ ගිවිසුම් ඉදිරිපත් කළේ නම් සිදුව ඇත්තේ කුමක් දැයි දැනගත හැකි බව අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *