ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ටත් වැට් බද්ද ගහලා.! – ගෙවිඳු..

December 18, 2023 at 12:05 pm | by emanisa.lk

ආබාධිත සෙබළුන්ගේ පහසුව සඳහා දේශීය නිපදවන භාණ්ඩ මත ද වැට් බද්ද පනවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ජාතියට ජීවිතය දෙන්නට ගොස් ආබාධිත වූ රණවිරුවන්ට සපයන භාණ්ඩ සඳහා ද ආණ්ඩුව මෙලෙස බදු අය කිරීමට සූදානම් වන බවට හෙතෙම චෝදනා කළේය.

එපමණක් නොව ඩීසල්, පෙට්‍රල්, ගෘහස්ත ගෑස්, පරිගණක හා මෘදුකාංග, සම් භාණ්ඩ නිෂ්පාදන, චිත්‍රපට කර්මාන්තය, පුස්තකාල, පෝෂණ ආහාර සැකසුම්, ඇස් කන්නාඩි, ධීවර ආම්පන්න ආදී බොහෝ ක්ෂේත සඳහා අලුතින් වැට් පැනවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *