වර්තමාන ආණ්ඩුව යටතේ කිසිදු තනතුරක් දැරීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවත් තනතුරක් ලබා දුන්න ද ප්‍රතික්ෂේප කරන බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
වර්තමාන ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ කැබිනට් මණ්ඩලයේ පවා ප්‍රමාණවත් ලෙස සාක්ච්ඡා නොවන අතර කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව පැවසුව ද ඒ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් තමා තවමත් නිහඬව ඉන්නේ සිදුවන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකි නිසා බවත් අනුර ප්‍රියදර්ශන යාපා පෙන්වා දෙයි.
කිහිප දෙනෙකුට රටක් පාලනය කළ නොහැකි බවත් අනෙකාගේ අයිතිය ආරක්ෂා නොකර රටකට පැවැත්මක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.