ගොවීන්ගේ පොහොර සහනාධාරය ලබාදීම මෙන්ම ඉදිරියේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනද අසාර්ථක වැඩපිළිවෙළක් බවට පත්වන බව වත්මන් ආණ්ඩුවේ හැසිරීමෙන් පෙනෙනවා යැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරේදී පෙරේදා (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉන්දියානු ව්‍යාප්ත වාදයට හා එට්කා ගිවිසුමට විරුද්ධව මෙරට විශාල විප්ලවයක් ඇති කළ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඉන්දියාවට ගොස් එම ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කර ඇති බව මන්ත්‍රීවරයා කීය.
පසුගිය කාලයේ විපක්ෂයේ සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම රට තුළ බිල්ලන් මවමින් සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩිපාරේ යමින් වත්මන් ආණ්ඩුවද සිදු කරනු ලැබුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගැනීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විපක්ෂයේ නිහඬතාව ආයුධයක් කරගනිමින් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම වැනි විවිධ මාතෘකා ගෙන එමින් පොහොර ගැටලුව, ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැනි රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරයා බලයට පත්ව මාස තුනක් ගතව ඇතත් අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පරිදි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට නිදහස ලැබ සිය දේශපාලන ව්‍යාපාරයට සහාය දුන් පුද්ගලයන්ව නැවත සේවයට පත්කිරීමේ සන්තෝෂම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ගොවීන්ගේ පොහොර සහනාධාරය මෙන් ඉදිරියේ දී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ද අසාර්ථක වැඩ පිළිවෙළක් බවට පත්වන බවය.
එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විජිත හේරත් අමාත්‍යවරයා කුමන දේ පැවසුවද ඉන්දියාව හරහා තෙල් නළ එළීම මගින් අමතර කිසිදු ලාභයක් නොලැබෙන බවත් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මේ රටට නොව ඉන්දියාවට වාසිදායක වන තත්ත්වයක් නිර්මාණ වෙමින් පවතින බවත්ය.