කොළඹ දැවැන්ත මැයි දින රැලියක් පවත්වනු වෙනුවට රට පුරා නගර 21ක මැයි දින රැලි පැවැත්වූයේ ඉන්ධන පිරිමැසීමේ අවශ්‍යතාව නිසා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.
එසේම මෙවර මැයි දිනය සඳහා රට පුරා ගම් දනව්වල සිට පැමිණීමට සූදානම් වූ ජනතාව එකම ස්ථානයකට එකතු කර ගැනීමේ ගැටලුවක්ද ඇතැයි ඔහු පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පැමිණ මාස කිහිපයක් ගත වන විට සිදුවන ඍණාත්මක දේ සමග ජනතාව ආණ්ඩුවෙන් ඈත්වුවද වර්තමාන ආණ්ඩුව සමග ජනතාව පෙරටත් වඩා එකතු වෙමින් ඇතැයි මෙවර මැයි දින රැලියෙන් තහවුරු වූ බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.
ස්වාධීන රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.