ආණ්ඩුවේ මාධ්‍ය නිවේදනය අතේ පත්තු වෙයි… මහින්දට සපයා ඇත්තේ වාහන 06යි…!

October 20, 2024 at 9:47 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති නිල වාහන පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි කරුණු අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සහ ආරක්ෂාව උදෙසා සපයා ඇත්තේ රථ හයක් පමණක් බවත් ජනාධිපති ලේකම් කාර්යාලය සිදුකළ දැනුම් දීම අනුව හෙට (21) ගිලන් රථය ද ඇතුළු වාහන තුනක් නැවත භාර දීමට කටයුතු කරන බවත් එමගින් දැනුම් දෙයි.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තක්සේරුව සහ බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ වඩාත් ජීවිත තර්ජන ඇති දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන පසුබිමක එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වාහන සපයා තිබූ බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *