ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඉවත්වෙනු මෙහෙයුමේ පළමු වාර්ෂික සැමරුම සඳහා ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ සියලුම භික්ෂූන් වහන්සේලා කැඳවීමට කටයුතු කර තිබූ බව වාර්තා වෙයි.
එම සර්ව ආගමික සමුළුවට ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම සමුළුව සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපරිම සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස දන්වමින් භික්ෂු විශ්වවිද්‍යාලය වෙත අධ්‍යාපන අමාත්‍යංශය ලිපියක් යොමු කර තිබේ.
ඒ පිළිබඳවද සිහිපත් කරමින් විශ්වවිද්‍යාල සහකාර ලේඛකාධිකාරීවරයා භික්ෂු ශිෂ්‍ය සංගමය වෙත ලිපියක් යොමු කරමින් උපරිම ශිෂ්‍ය පිරිසක් ඉවත් වෙනු සමුළුවට යොමු කරන ලෙස දැනුම් දෙමින් ලිපියක්ද යොමුකර ඇත.
මීට අමතරව දිස්ත්‍රික්කයකින් භික්ෂූන් වහන්සේලා සිය නමක් කැඳවීමටද දිසාපති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය තන්ත්රය යොදා ගෙන තිබිණි. භික්ෂූන් වහන්සේලා බස් රථ දක්වා රැගෙන ඒමට ප්‍රාදේශීය සභා සහ පොලිස් වාහන යොදා ගැනීමටද උපදෙස් දී තිබිණි.