රටේ ගුරු හිඟයට විසඳුම් ලබා දිය නොහැකි ආණ්ඩුව ළමයාගේ අධ්‍යාපන අයිතිය අහිමි කරමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
“රටේ බරපතළ ගුරු හිඟයක් තියනවා. 40,000 කට අසන්න ගුරුවරු හිඟයි. දරුවන්ට ගුරුවරු ලබා දෙන්න බැහැ. දැන් එම නිසා පොකුරු පාසල් කියලා පාසල් එකතු කරන එක තමා කරන්න යන්නේ.
මෙය සම්පුර්ණයෙන්ම ළමයාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කිරීමක්. කුට උපක්‍රම මගින් දරුවන්ට අධ්‍යාපනය එපා කර වීමක් තමා කරන්න යන්නේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ, ආචර්ය සංගම්, වෘත්තිය සමිති සියල්ල එකතුවෙලා රනිල් රාජපක්ෂ මේ ගෙන එන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පරාජය කිරීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්නවා.”