ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුවේ ප්රතිපත්ති විවේචනය කරමින් තව දුරටත් ආණ්ඩුවට එරෙහිව ශ්රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට තම කණ්ඩායම බලමුළු ගන්වන බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්රීවරු විසින් ආණ්ඩුවේ ප්රධානීන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.
ඒ නිසා වහා ම ශ්රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව විවේචනය කිරීමෙන් වළකින ලෙස නායකත්ව මට්ටමින් දැනුම්වත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිපියක් එම මන්ත්රීවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලබා දීමට ද තීරණය කර ඇත.
මේ අතර පසුගිය දිනෙක ශ්රීලනිප ගැටලුව සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්රීවරුන් ආණ්ඩු පක්ෂ ප්රබලයකු සමඟ සාකච්ඡා කර ඇති අතර පසුපෙළ මන්ත්රීවරුන් පවසා ඇත්තේ ශ්රීලනිපයේ විවේචනවලට ප්රතිප්රහාර එල්ල කීරිමට තම කණ්ඩායම සූදානම් බවය.
එහෙත් එහි දී එම ප්රබලයා දන්වා ඇත්තේ එලෙස සිදු නොකරන ලෙසත් ඊට වඩා රටේ ප්රශ්න වැදගත් බවත්ය. එම සාකච්ඡාව නිම වී එළියට පැමිණි පසුපෙළ මන්ත්රීවරු පිරිසක් අවසානයේ තීරණය කර ඇත්තේ මෙම මාසය තුළ පමණක් ශ්රීලනිප විවේචන ඉවසන බවය.