ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 159 දෙනා අතර සිටින්නේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කලාකරුවන්, විදුහල්පතිවරුන්, නීතිඥයන් සහ ඉංජිනේරුවන් වැනි විශාල උගත් බුද්ධිමත් කණ්ඩායමක් පමණක් බව ජාතික ජන බලවේග ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර පවසයි.
“පාපිසි, පොල්ලෙලි ගහගෙන ආපු ඒවා තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ කියලා කියනවා. ඔබට මතක තියාගන්න අපි කියනවා, එහෙම ගහගෙන ආපු පාපිසි මේකෙ නෑ.
මේකේ ඉන්නේ මහාචාර්යවරු, ආචාර්යවරු, කලාකරුවෝ, විදුහල්පතිවරු, නීතිඥයෝ සහ ඉංජිනේරුවෝ වගේ විශාල උගත් බුද්ධිමත් කණ්ඩායමක් තමයි මේ 159 දෙනා අතර ඉන්නේ.
ඒ පැත්තේ ඇති එහෙම ගහගෙන ආපු පොල්ලෙලි, ඒ පැත්තේ ඇති ගහගෙන ආපු පාපිසි. මේ අපේ ආණ්ඩු පක්ෂය ඇතුලේ එහෙම කවුරුත් නැහැ. විපක්ෂේ අයට ඉතිහාසය අමතක වෙලා. එයාලගේ දේශපාලනය පරම්පරාවේ බූදලයක් බවට පරිවර්තනය වෙලා තිබුණේ.
අපේ මාලිමාවේ ආණ්ඩුවේ එහෙම නැහැ. මේක බූදලයක් නෙමෙයි අපි කාගේවත්, මේ රටේ ජනතාව බුද්ධිමත් විදිහට පරම්පරා දේශපාලනය වෙනස් කර, උගත් බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවලා තියෙනවා.”
පද්මසිරි බණ්ඩාර මේ බව පැවසුවේ අයවැය විවාදයට එකතු වෙමිනි.